headimg

headimg

Wednesday, December 18, 2013

අපේ මතකයන් බිඳක්

සේනාසනයේ විදුලි ආලෝක පද්දතිය  සකස් කිරීම

සේනාසනයේ බුද්ධ මන්දිරය පවිත්‍ර කිරීම 

කුටිගෙවල්  පිරිසිදු කිරීම

කඨින පිංකම සඳහා ධර්ම ශාලාව සැරසීම සදහා දායක වීම


අපි රැස්වූ අවස්ථාවන් අතරින් කීපයක්

කඨින පිංකමට වෙහෙර වහන්සේ  සැරසිම සඳහා අප විසින් ගොතන ලද මල් මාලාවන් පූජා කිරීම.


උපාසක උපාසිකාවන් වෙත උපස්ථාන කිරීම



සාමාජික හමුව



 අපේ ගොඩක් සාමාජිකයන් මේ ඡායාරූපයේ ඉන්නවා

සමූහ ඡායාරූපයක්

මේ කන්ඩායම මෙහෙයවන්න නායකත්වය ගන්නේ මේ අය 
ඕනම දේකදි  එකට ඉන්න ,කන්ඩායමට සවිය
දෙන්නෙ මේ අය


සමිතියේ අනාගතය භාර දෙන්නෙ මේ අයට. තවම  අධ්‍යාපනය
හදාරනවා. ඒත් සක්‍රීය දායකත්වය ලබාදෙනවා.
ඔවුන්ට අපේ සුබ පැතුම් !!!

පළමු හමුව


සඳහම් තරුණ  බෞද්ධ සංගමය

       මේ අපේ මුල්ම blog ක. අපි කරන්දෙණියේ. අපි එකතු උනා අළුත් වැඩකට. දිනෙන් දින වියැකී ගිය සිංහල අපේ බොදු උරුමය නැවත සොයන්නට. අපි අපේ රටට ආදරෙයිග අපේ ආගමට ආදරෙයි. ඒ හැමටම වඩා ජාතියට ආදරෙයි. අපේ ජාතිය බේර ගන්න සිංහ කිරි පානය කරපු අපි එකතු උනා අපේ සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. අපි නැවත හෙළ බොදු යුගයක් අරඹමු.







අපි අපිම වෙමු       

          පිටරටට ගැති නොවී අපේ යහපත් සමාජ ගුණධර්ම රැකගමු.

අරඹමු නැවතත් හෙළ බොදු යුගයක්

අපේ කට්ටිය (අපේ  සාමාජික සාමාජිකාවන්)



Thursday, December 12, 2013

චාරිකාමය අත්දැකිමක්

අභිමානවත් චාරිකාවක්


එක් ඉරිදා දිනක දහම් පාසලේ වැඩ නිමා කොට සදහම් තරුණ බෞද්ධ සංගමයේ

අනෙකුත් සගයන් සමග එක්තරා  චාරිකාවක ට සහභාගී විය. සේනාසන භූමියෙන්

ගමන් ඇරඹු අප දක්ශින අධිවේගී මාර්ගය වෙත පිවිසියේ කුරුදුගහ හැතැප්ම පිවිසුමෙනි

අධිවේගී මාර්ගයේ සිරි විඳිමින් කෙලි කවට සිනා බස් තෙපලමින් අපගමන් ගතිමු.
චාරිකාව අතරතුරදී


අවසානයේ කොට්ටාව හුවමාරුව වෙතින් නික්ම ගම්පහ බලා ගමන් ගතිමු.

අප ‍මේ යන්නේ විනොද ගමනක් නොව හෙළ ජාතිය පිබිදවීමට මහ වෙහෙසක් දරන

ගම්පහ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කැටවල හේමාලෝක

ස්වාමීන් වහන්සේ හමුවටයි.
කෙමෙන් කෙමෙන් අප සුදර්ශන ධර්ම නිකේතනය වෙත ළඟා වීමු. පුරාණ චාරිත්‍රානු

කූලව දැහැත් වට්ටිය පිළිගන්වා උන් වහන්සේ සමග දොඩමළු වීමු. ටික වේලාවකින්

මටනම් හැගී ගියේ උන් වහන්සේත් අපත් ඉතා දිගු කලක සිට හදුනනවා වැනි

හැගීමකි.සියල්ල අවසානයේ උන් වහන්සේගේ ඉඩ ප්‍රස්ථාව අනුව 2013.12.19

වන දින අපේ කාලීන ධ්ම දේශනා වැඩ සටහනට යොදා ගතිමු.


චාරිකාවේ අවසන් ප්‍රථතිඵලය